ශ්‍රී ලංකා තරග සංචාරයේ නායකත්වයට පත් කළ ස්මිත් ආබායකට ලක්වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරයට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී මෙම තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ ස්ටීවන් ස්මිත් ආබායකට ලක්ව තිබෙනවා.

BBL තරගාවලිය අතරතුර ඔහු වැලමිට ආබාධයකට ලක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඩුබායි හිදී සහභාගී වන විශේෂ පුහුණු කඳවුරට යාමද ප්‍රමාද කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු එළඹෙන සතියේ දී ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

පැට් කමින්ස් පීතෘ නිවාඩු මත සිටින බැවින් ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත් වෙත පවරා තිබෙනවා.

මෙම ආබාධය මත යම් හෙයකින් ඔහුට පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබී ගියහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වයදීම ට්‍රැවිස් හෙඩ් වෙත පැවරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05