ලොව විශාලතම ආගමික උත්සවය අද ඇරඹේ – උත්සවයට බැතිමතුන් කෝටි 04ක්

වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගීවන ලොව විශාලතම ආගමික උත්සවය වන මහා කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාව මේ වනවිට සූදානම් වනවා.

අද (13) දිනයේ සිට දින 45ක් පැවැත්වෙන මෙම උත්සවය වෙනුවෙන් ඉන්දිය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 812ක් වියදමක් දරනවා.

සෑම වසර 12ක වරක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ප්‍රයග්‍රාජ් හි පැවැත්වෙන මහා කුම්භමේලා උත්සවය වෙනුවෙන් අද (13) සිට කෝටි හතරක පමණ බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විශේෂ ආරක්‍ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව ආරක්ෂක නිලධාරීන් 40,000ක් ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර, AI සක්‍රීය කැමරා 328ක් ඇතුළුව CCTV කැමරා 2,751 ද ස්ථාපිත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ආරක්ෂක වළලු හතක ආරක්ෂක සැලැස්මක් මේලා ප්‍රදේශය වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා සකසා ඇති බව සඳහන්.

ඊට අමතරව උත්සවය පැවැත්වෙන සම්පූර්ණ ප්‍රදේශයම වාහන තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එමෙන් පැය 24 පුරා නිරීක්ෂණය සඳහා හා අධි තාක්‍ෂණික ඩ්‍රෝන යානා 20ක් යෙදවීමට ද ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදින් ඇරඹෙන මෙම උත්සවයට පැමිණෙන වන්දනාකරුවන්ට නවාතැන් ගැනීම සඳහා බලධාරීන් කූඩාරම් 150,000 ක් ගංගා ඉවුරු දෙපස පිහිටුවා තිබෙනවා.

ඊට අමතරව සනීපාරක්ෂාව වෙනුවෙන් සනීපාරක්ෂක සේවකයින් 15,000ක් සහ තාවකාලින වැසිකිළි 150,000ක් පමණ පිහිටුවා ඇති බව සඳහන්.

සෑම වසර 12 කට වරක් සිදුවන “මහා” කුම්භය වඩාත් සුබදායක යැයි සලකනු ලබන අතර, මෙහිදී ගංගා, යමුනා සහ සරස්වතී නදියට සංගම් නදිය එකතු වෙන ස්ථානයට පැමිණෙන බැතිමතුන් එම ස්ථානයෙන් ස්නානය කරනු ලබනවා.

එලෙස සිදුකිරීමෙන් පව් දුරුවන බවත්, ජීවන හා මරණ චක්‍රයෙන් මිදීම ලබාදෙන බව බැතිමතුන් විශ්වාස කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01