දවුලගල දී පැහැරගත් සිසුවිය අම්පාරෙන් සොයාගැනේ (වීඩියෝ)

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේ දී පෙරේදා (11) උදෑසන පහර ගැනීමට ලක් වූ 19 හැවිරිදි සිසුවිය සොයාගෙන තිබෙනවා.

එම සිසුවිය සහ ඇයව පැහැරගත් ඇයගේ සැකකාර මස්සිනා අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (13) උදෑසන පොලිස් භාරය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිසුවිය සහ සැකකරු අම්පාරේ සිට මහනුවර බලා පිටත්වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක් තුල සිටිය දී පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් භාරයට ගත් ඔවුන් දෙදෙනා අම්පාර පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, අනතුරුව සැකකාර මස්සිනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

පැහැරගැනීමට ලක් වූ සිසුවියවෛද්‍ය පරීක්ෂණයක් සඳහා අම්පාර රෝහලට මේ වනවිට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ලැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ සිසුවිය උසස් පෙළ පංතියකට සහභාගි වීම සඳහා මිතුරියක් ද සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී පෙරේදා (13) උදෑසන කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණා.

මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වුණේ ඇයව විවාහ කර ගැනීමේ කලක පටන් කැමැත්තෙන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

සිසුවිය පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයා ගත්තා.

වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද වෑන් රථය අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තීබුණා.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින ඇයගේ මස්සිනා විසින් සිසුවියගේ පියාට අමතා රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ද ඉල්ලා තිබූ බවයි අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25