AFC Banner
AFC Banner
Empty Ad

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක් – දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 36ට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනය දැක්වෙන්නේ.

මේ අතර පවතින වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා .

ඒ, අනුව බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මේ අතර නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සඳහා මීට පෙර නිකුත් කර තිබූ ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම ප්‍රදේශවල ජනතාව සහ පහත්බිම් ආශ්‍රිත මාර්ගවල ගමන්ගන්නා රථවාහනවල රියදුරන්ගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
2
+1
30
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?