AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 17 පෙම්වතියට මිතුරාගේ කාමරයේදී කළ සැර වැඩේ

අවුරුදු 17 ක් වයසැති පෙම්වතියව නිරුවත් කර ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් රහස් ප්‍රදේශයට මිරිස් කුඩු ගසා තුවාල සිදුකළ පෙම්වතාව ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරුවරයා ඊයේ (11) වෙනිදා නියම කළේය.

මිනුවන්ගොඩ , හැලකන්දන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණ සැකකරුවෙකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර
තරුණිය ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය .

දෙපාර්ශවයේම මවුපිය ඥාතීන් දැනුවත්ව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු යතුරුපැදියකින් පැමිණිලිකාරියව කමරාගොඩ ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් .තිබෙන අතර එම නිවසේ කාමරයක් තුළ දී පැමිණිලිකාරිය සැකකරුට නොදන්නවා ගිය ගමනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු එම නිවසේ කුස්සියේ තිබූ මිරිස්කුඩු දමා තිබූ බෝතලය රැගෙන විත් ” උඹ කවදාවත් හැදෙන්නෙ නැහැ . ඇත්ත කියපන්” යැයි පවසා රහස් ප්‍රදේශයට මෙසේ මිරිස් කුඩු දමා ඇති බවට පැමිණිලිකාරිය ප්‍රකාශ ලබාදී ඇති බවට අධිකරණයේදී සඳහන් විය .

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?