සදහටම මෙලොව හැරගිය චතූ මුණසිංහ කියූ සංවේදී කතාව

හැමෝටම ජීවිතය කියාදුන් චතුරිකා මුණසිංහ අද ජීවිත ගමනට සමුදුන්නා..

ඇය ගැන හැමෝම කතා වෙද්දි, මීට දින කිහිමයකට කළින් සති අන්ත පුවත්පතකට ඇය කියූ කතාවක් අපි ඔබට මේ විදියට ගෙන එන්න හිතුවා.

ජීවිතයක ප්‍රාර්ථනා එකම රිද්මයකින් ගලා යන්නේ නැත. බාධක ගල්පර වාගේම අනපේක්ෂිත වැටීම්, නැගිටීම්ද ජීවිතයේ උරුමයන්ය. එහෙත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලිය හැකි සිතක් වේ නම්, ඒ සිතේ සැනසිල්ල ගැන අමුතුවෙන් පහදා දෙන්නට දෙයක් නැත.

ඇය උදාරි චතුරිකා මුණසිංහය. තවමත් තිස් හතරවන වියේ පසුවන ඇය, අග්න්‍යාශයේ ඇතිවූ පිළිකා තත්ත්වයක් නිසා පීඩා විඳිමින් හිඳින්නීය. එහෙත් පිළිකා සෛල සියදහස් ගණනකටවත් හිතක ධෛර්යය අකාමකා දැමිය නොහැකි යැයි සිතෙන්නේ, ඇය තම ජීවිතය සොයා ආ අනපේක්ෂිත තීන්දුව මැදහත්ව පිළිගත් හෙයිනි.

‘‘මේ කැන්සර් එක ඇත්තටම දැන් මට ආශිර්වාදයක්. මගේ රෝග තත්ත්වය නිසා පිළිකා රෝගයට ගොදුරු වූ බොහෝ අය මට මුණගැසී තිබෙනවා. ඔවුන් හැමෝම මරණයට ලෑස්තිවෙලා හිටියත් ඒ කවුරුත් ඒකට හිත හදාගෙන හිටියේ නැහැ. මගේ මහත්තයා වුණත් මුලදී හිතුවේ අපි ගෙදරදි මරණය ගැන කතා කරන එක හොඳ නෑ කියලයි. එයා මාව දකින හැම වෙලාවකම හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන. ඒත් පිළිකාවක් හැදුන කෙනෙකුට ප්‍රතිකාර කරද්දි, අපේ ශරීරය ඇතුළෙ වෙන දේවල් අපට තේරෙනවා. ඇඟ ඇතුළ පිච්චෙනවා. එතකොට අපිට හිතෙනවා මේකෙන් අපට ගැලවීමක් නෑ කියලා. එතැනදී විඳවන්න වෙනවා. මේ තත්ත්වය තේරුම් අරන් මම මගේ පවුලේ අයව දැනුවත් කළා. මම මගේ දුවලා දෙන්නටත් කිව්වා යන්න තියෙන දවසක අම්මට යන්න වෙනවා, හැබැයි ඔයාලා ඉන්නකං අම්මත් එක්ක සතුටින් ඉන්න කියලා. මරණය ගැන කතා කරන්න මුලදි අකමැති වුණු මහත්තයට මම කිව්වේ අපි ඒ ගැන කතා කරමු. නැත්නම් මාත් එක්ක තව පොඩ්ඩක් හරි කතා කරන්න තිබුණ නම් කියලා ඔයාලට පස්සෙ දවසක හිතෙයි කියලා.’’

චතුරිකා අප හා කතාබහට එක්වූයේ එසේයි. ජිවිතයේ යථා ස්වභාවය තේරුම්ගැනීම ඈ ප්‍රගුණ කර ඇති අයුරු පුදුමය. කොණ්ඩය ගැලවී යාම මුලදී දරාගන්නට නොහැකි වුවත්, අනතුරුව එය තමගේ ලස්සන වැඩි කරනා හේතුවක් බවට පත්කර ගන්නට ඇය සමත් වූවාය.

‘‘මෙහෙම දෙයක් කිව්වම මානසිකව වැටෙනවා. ඊටපස්සෙ ඉතින් හිතන්නේ හැමදේම ඉවරයි කියලයි. නෑදෑයෝ වුණත් කියනවා මැරෙන්න කලින් ඉක්මනට ලෙඩාව බලලා එන්න ඕන කියලා. මේක අපේ සමාජයේ තියෙන අවුලක්. එහෙම වුණාම ලෙඩා බලන්න එන අය එන්නේ මරණෙට කලින් ලෙඩාව බලලා යන්න ඕන කියන අදහසින්. ඇත්තටම කැන්සර් එකක් නිසා මේ තරමින් ජීවිතය තේරුම් ගන්න පුළුවන් තැනකට මම ඒවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.’’

ඇය කියන්නේ උපේක්ෂාවෙනි.

එහෙත් මුලදී එසේ නොවේ. තමන්ට පිළිකාවක් වැළඳී ඇතැයි දැනගත් මොහොතේ ඇය මහහඬින් කෑගසා හඬා වැටුණාය. මරණයට බයක් නෑ යැයි සිතා සිටියද, එය දැනගත් මොහොතේ ඇයටද මරණ බිය දැනී තිබුණාය. ඒ අතර නෑදෑ හිතවතුන් අර දොස්තර, මේ දොස්තර ඉන්නවා, අපි ඔයාව බේරාගන්නවා යැයි කියද්දී බය ඇතිවන්නට එයම හේතුවක් වූ බව ඇයගේ අදහසයි.

‘‘ඒ තත්ත්වය හිතට අමාරුයි. ඒත් වාසනාවකට මගේ මහත්තයා මාව තේරුම් ගත්තා. එයා මං එක්කම හිටියා. ඒක මම කරපු ලොකු පිනක්. එයා තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ, නිය ආලේපන, තොල් ආලේපන ගෙනත් දෙන්නේ. මෙහෙම ලස්සනට ඉන්න මෙහෙම ලස්සනට අඳින්න කියලා කියන්නේ ඔහුයි. දුවලට සුදුසු විලාසිතා ගැන කියලා දෙන්නෙත් ඔහුයි.

ඒත් මේ ප්‍රශ්නය එක්ක අපි පවුලක් විදිහට ගොඩක් තනිවුණා කිව්වොත් හරි. තවම මගේ ලොකු දුවට අවුරුදු පහළොවයි. චූටි දුවට අවුරුදු පහයි. දවසක් චූටි දූ ඇවිත් කියනවා අම්මේ මගේ පොකට් එකේ සල්ලි තියෙනවා, මට අලුත් අම්මා කෙනෙක්ව සල්ලි දීලා ගන්න පුළුවන් කියලා. හිතාගන්න පුළුවන්ද? ඒ දේවල් දරාගන්න පුළුවන්ද? ඊළඟට මතක් වුණේ මගේ චූටි දුවට මාව කවදාහරි මතක තියේවිද කියලා. එහෙම හිතලා මම ටික කාලයක් එයාව මඟහැරියා. ඒත් ඒක හරියන දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඊටපස්සේ මම හිනාවෙලා ඉන්න තීරණය කළා.’’

ඇය කියන්නේ එය ජීවිතයට සැනසුමක් ගෙනදුන් බවය. අද වනවිට ඇය වේදනානාශක පෙත්තක් හෝ ලබාගන්නේ නැත. ඒ ඇය හිත හදාගනිමින් ඉන්නා හැටිය.

‘‘ඇත්තටම මම මරණෙට බය කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ විවිධ හැලහැප්පීම් තිබුණා. එකපාරක් මම බෙල්ලේ වැල දාගන්නත් ගිහින් තියෙනවා. අයියයි, තාත්තයි තමයි මාව බේරගත්තේ. එහෙම මරණෙට බය නැතුව හිටිය මං කැන්සර් එකක් කිව්වම මුලදි බය වුණා.’’

ඇයට රෝග ලක්ෂණ එන්නට පටන් ගත්තේ 2020 නොවැම්බර් මාසයේදීය. ඒ වනවිට උසස් රැකියා කිහිපයකම නියැලී සිට ඇය තමන්ගේම කියා පෞද්ගලික ඇගළුම් ආයතනයක් පටන් ගත්තාය. ඒ අතරතුර ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයකට ද පෙනී සිට තිබේ. ඇය තම රෝග තත්ත්වය ගැන පළමුව ලැබුනු ඉඟි ගැනද මෙසේ කතා කළාය.

‘‘2020 අවුරුද්දේ නොවැම්බර් වෙද්දී මට කෑම කන්න බැරිවුණා. බත් කටවල් දෙක තුනක් කද්දී ඉස්මුරුත්තාවට එන්න ගත්තා. මහත්තයා හිතුවේ මම කෑම නොකා කෙට්ටු වෙන්න හදනවා කියලයි. මම හිතුවේ ගෙදර වැඩයි, ෆැක්ටරියේ වැඩයි නිසා මට හරියට කෑමක් කන්න බැහැ කියලයි. ඔය අතරේ මට කොන්දේ අමාරුවකුත් ආවා. මම ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ එය වාත අමාරුවක් වෙන්නැති කියලයි. ෆාමසියකින් ගෙනත් තෙල් ගෑවා. පසුව අමාරුකම් වැඩි වෙද්දි පවුලේ වෛද්‍යවරයා ළඟට ගියා. වෛද්‍යවරයා රෝගය හඳුනගත්තා. වේදනානාශක දුන්නේ. දවස් දෙක තුනක් යද්දි දරුවෙකු ප්‍රසූත කරන්න එන තරම් වේදනාවක් ආවා. අනතුරුව තමයි ස්කෑන් එකක් කළේ. එතැනදී තමයි දැනගත්තේ ලෝකයේ තියෙන දරුණුම ඝනයේ පිළිකාවක් මට වැළඳිලා කියලා. ඇලදිව කියන තැන හැදුනු පිළිකාව, අග්න්‍යාශය, අක්මාව දක්වා පැතිරගොස් ඇති බවත් දැනගත්තා. ශල්‍යකර්මයක් කරන්නත් අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මගේ ලෙඩේ සොයා ගන්නකොටම එය හොඳ කරන්න බෑ කියලත් දැනගන්න ලැබුණා.’’

රෝගීව හිටියත් පසුබට වන සිතක් හිමි අයෙකු නොවේ ඇය. ඒ නිසා බොහෝදෙනෙකුට උදව් කිරීමට සිතා ඇය වෙබ් අඩවියක්ද නිර්මාණය කළාය. තව කෙනෙකුට උදව්වක් කිරීමට අවශ්‍ය නම් එය සැකසංකා නොමැතිවම කළ යුතු බව ඇය කියයි.

ඒ වාගේම ලොව කොතැන සිටියත්, ගෙදර, කාර්යාලයේදී අම්මා කෙනෙකු කරන කාර්යබාරය හැමදාමත් ඇගයිය යුතු බව ඕ කියන්නීය.

හෙට දවසේ සිදුවන ඕනෑම දෙයකට මුහුණදීමට සූදානමින් පසුවන ඇය ලෝකයට ආදරය කරන්නියකි. ලෝකයක ආදරය ලැබිය යුතු ධෛර්යවන්ත සිතක්ද ඇයට හිමිය. ඉතින් ඇය කියන්නා සේම ඇය තවදුරටත් ශක්තිමත්ව සිටි යුතු බව අපගේද හැඟීමයි.

දීපා වසන්ති එදිරිසිංහ
උපුටා ගැනීම ධරණි පුවත්පත

  1. Chathu Munasinha had great guts to cope not only with her cancer pains but also social impacts on her. During a 1 year period from 2020 November to 2021 October she held a responsibility of the motherhood of two daughters as well as the role of a wife to your beloved husband while having such pains. Her fb posts were not really strange to the society because there had been lots of people like her suffering from cancers. But the difference was little bit different. She tried alone with her mind setting to cure the cancer disease. But covid virus also defeated her in the mean time. It was like beating a person fallen from a tree.
    Hard luck, Chathu.
    When your last breath was in the present world as CHATHU MUNASINHA, you could understsnd the reality of the world. Life is uncertain but the death is certain to all.
    Your soul now is surely finding a next life with the experiences having as CHATHU. Your soul will come to this world in a form of another life. The spans of lives of a paricular soul are eternal until attain NIBBANA.
    I bless your soul to have a good life. Then that will not be CHATHU MUNASINHA but will be somebody else of age starting at 1 day of age, 2 days of age and so on 1 year of age 2 years of age and so on after 10 months of a mother’s preganancy . Then you will be a child having different parents. After attaining year 5 of age you will have to school also. That spans of lives are common to all. Your new parents will be very fond of you. You will be fondled as an infant by your new parents. What wealth any body’s soul could bring to the next life?
    That philosophy is common to all whether Billionaires or beggers.
    That is how life is all about.

    That is that.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00