කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තතුව මඟින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තතුව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින බවයි.
එමෙන්ම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
මේ අතර ඊයේ (14) උදෑසන 8.30 සිට අද (15) අලුයම 3.00 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ වස්ලතාලාරාමය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මි.මී 146.5ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.













