ජල සම්පාදන මණ්ඩලයේ බඩු ඉස්සූ ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ තිබූ රුපියල් දාහතර ලක්ෂ දොස්දහස් නවසිය අනූහතක් වටිනා කේබල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ, අනුව ඊයේ (14) දහවල් චාවකච්චේරි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු ලෙස එම ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු හා සොරබඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්.

සැකකරුවන් අවුරුදු 23 හා 43 වයස්වල පසුවන නීර්වේලි හා කොටගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32