AFC Banner
Empty Ad
Empty Ad

අලි පොහොට්ටු මධුසමය ළඟදීම අවසන්

අලි පොහොට්ටු තාවකාලික මධුසමය ඉතා කෙටි කලකට පමණක් සීමා වූවක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා.

අද (11) දින මහනුවරදී මාධ්ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ එල්ලෙන්නට වැලේ වැල් නැති පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ වන විට අවසන් උත්සාහය වශයෙන් අලියාගේ වලිගයේ එල්ලි ගොඩ යෑමට උත්සාහ කරන බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා ,
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු 13 දෙනා මේ වන විට ශක්තිමත්ව රජයට එරෙහිව ගමනක් යනවා. දැන් අපි රජයට අභියෝගයක් වෙලා තියෙන නිසා ඒ අය අපිට මඩගහනවා. දැන් පොහොට්ටුවට එකම ගැලවුම්කාරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. ඒකයි ඒ අය තමන්ගේ පක්ෂය රනිල් මහත්තයාගේ ඇඟේ ගහලා ගොඩ යන්න හදන්නේ. මොනවා කරත් මේ කට්ටිය දඟලන්නේ තව ටික දවසයි.

මේ අය ජාත්යන්තර මූල්ය අරමුදලට රට උගස් තියලා ජනතාව දැඩි පීඩනයකට ලක් කරලා තියෙනවා. ඡන්දෙ දුන්න 69 ලක්ෂයක් ජනතාව ප්‍රතිස්ත්රස්ත පනත හරහාත්‍රස්තවාදීන් කරල තියෙනවා.

ඉදිරි මැතිවරණයකදී මේ අයට අත්වන ඉරණම බලාගන්න පුළුවන්. සමහරු කියනවා හෙලිකොප්ටරය කඩා වැටෙන්න ලඟයි කියල. අපි කඩා වැටෙන්නේ නෑ ශක්තිමත් ගමනක් යනවා. ඒ ගමන අභියෝගයක් වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද සිහි විකල්ව නන් දොඩවනවා යනුවෙන් වැඩිදුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?