අයහපත් කාලගුණයෙන් පවුල් 500කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට – නායයෑම් ගැනත් අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

කුඩා යාත්‍රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින් ධීවර දෙපාර්තමේන්තුව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා ඉහළ යා හැකි අතර, එය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

එමෙන්ම හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා පමණ දක්වා ඉහළ යා හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමඟ ඊයේ (29) පස්වරුවේ සිට සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා වුණා.

එම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1,757 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුව ඇති බවයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අනුව ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27