ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල සිදුව ඇති බව අනාවරණය වෙයි

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනිට දරුණු තුවාල සිදුව ඇති බව රොයිටර්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.

යුද්ධය ආරම්භයේ දී ඔහුගේ පියාවන අයතුල්ලාහ් අලි කමේනිට මරු කැඳවූ ගුවන් ප්‍රහාරයට, මොජ්තබා කමේනිට ද ගොදුරු වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී ඔහු ද අයතුල්ලාහ් අලි කමේනි අසළ සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් ප්‍රහාරයෙන් මොජ්තබා කමේනිගේ මුහුණට සහ පාදවල ඇති වූ දරුණු තුවාල වලින් පසු තවමත් සුවය ලබමින් සිටින බව ඔහුගේ සමීප පුද්ගලයින් තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

මධ්‍යම ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් මොජ්තබා කමේනිගේ මුහුණ විකෘති වී ඇති අතර ඔහුගේ එක් පාදයකට හෝ දෙකටම සැලකිය යුතු තුවාල සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඔහු ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ හරහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ රැස්වීම්වලට සහභාගී වන අතර යුද්ධය සහ වොෂින්ටනය සමඟ සාකච්ඡා ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ නිරතව සිටින බවට ද අදාළ සමීප පුද්ගලයින් තිදෙනා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

කමේනි සිටින ස්ථානය තවමත් රහාසිගත්ව පවතින අතර, ඒ පිළිබඳව තවමත් කිසිදු පාර්ශ්වයකට තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිව නැහැ.

  1. ජීවත් වුනත්, තමංගෙ ජනතාව ට ත් වින කටියි, සාධාරණ යුක්තිය ක් නං නැති වෙයි! ලෝකය දැනට ම ත් යුද්ධය ක පටලවලා! ගල්ෆ් කලාපය ට ත් වින කැටලා! සමුද්‍ර සන්ධිය ත් අසිහියෙං හරි නටවනවා! ඉක්මණිං අල්ලා හමු වී හමු වී මේ සියලු ප්‍රශ්න වල ට මුල උන්නැහේ බව පවසා, වන්දි ඉල්ලන්න. එය ට දැන්, තමං ට වඩා සුදුස්සකු නැහැ! මනුෂ්‍යත්වය ස්ථාපිත කරන ගමනක ට ලෝකයේ බහුතරයක ම සුබ පැතුම්! නො දරුවොං ගේ කසාදෙ මත් නෙමේ, අර මෙව්වා කම් කරන එක ට අංක එක ට ම විසඳුමක් එවන්න. උං තව ම, හිරිමල් කැකුළු නේ, අයියා!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14