සූදු පොළේ වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනක්ට රෝහලේ නතර වෙන්න වැඩේ දීලා

සූරියවැව, කෝන්කැටිආර ප්‍රදේශයේ පවත්වාගෙන යන සූදු පොලක් පිළිබදව සූරියවැව පොලිසිය වෙත ලද තොරතුරකට අනුව පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (10) රාත්‍රීයේ වැටලිමක් සිදුකර තිබුණා.

එහිදී අදාළ වැටලීම සඳහා එහි ගොස් තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට සූදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි සැකකරුවන් පිරිසක් විසින් පහරදී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එලෙස පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා සූරියවැව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පහරදීමක් සිදුකර රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අද (11) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිආර, ධර්මීගම සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ පවත්වන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23