අනාරක්ෂිත රථ වාහන ධාවනය ගැන කියන්න පොලිසියෙන් WhatsApp දුරකථන අංකයක්

මහා මාර්ගයේ ගමන් කරනු ලබන අනෙකුත් මාර්ග පරිශීලකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නොසැලිකිලිමත්ව අනවධානයෙන් ඔවුන්ගේ ජිවිත අනතුරේ හෙලමින් අධික වේගයෙන් රිය ධාවනය, අනාරක්ෂිත ලෙස අනෙකුත් වාහනවලට ඉස්සර කිරීම (උදාහරණ – තනි රෝදයෙන් හෝ එක් අතකින් පමණක් අපරික්ෂාකාරී අන්දමින් රථ වාහන ධාවනය කිරීම, අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට පිවිසීම) වැනි සිදුවීම් වලට අදාල වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා පොලිසිය වෙත යොමු කිරීම තුලින් ඊට සම්බන්ධ සැකකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉතා කඩිනමින් අත්අඩංගුවට ගෙන මේ වන විටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙන බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය තවදුරටත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කර පවත්වා ගෙන යාම සඳහා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමේ සිදුවීම්වලට අදාල වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා අංක 070-4755600 දරන WhatsApp දුරකථන අංකය පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම WhatsApp දුරකථන අංකය රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණයෙන් යුක්තව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අංකයක්.

අන්තරාදායක හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධ සිදුවීම් නිරීක්ෂණය වූ විට එය වීඩියෝගත කිරීමට හැකි සෑම විටකම සිදුවීම සිදු වූ දිනය, ස්ථානය හා පොලිස් වසම සඳහන් කර මෙම WhatsApp දුරකථන අංකයට අදාල වීඩියෝ දර්ශනය යොමු කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිසිය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38