ඇමරිකාව ප්‍රහාර දැඩි කළොත් ඊළඟ ඉලක්කය බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය – ඉරානය අනතුරු අඟවයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් උත්සන්න වුවහොත් ගෝලීය බලශක්ති මාර්ග සම්බන්ධයෙන් දරුණු තීරණයකට එළඹෙන බව ඉරානය අනතුරු අඟවනවා.

ඒ, අනුව ඉරානය පවසන්නේ ඇමරිකා සහ ඊශ්‍රායලය ප්‍රහාර තවදුරටත් තීවෘ කළ හොත් හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට ඇති නැව් මාර්ග ද අවදානමට ලක්විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනිගේ උපදේශක අලි අක්බර් වේලායාටි පැවසුවේ, එක් රටක එක් වැරදි පියවරක් ගෝලීය බලශක්ති ප්‍රවාහයන් සහ ජාත්‍යන්තර වෙළඳාමට දැඩි ලෙස බාධා කළ හැකි බවයි.

බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරම්ම උපායමාර්ගික ලෙස සලකන බවයි ඔහු පැවසුවේ.

යේමනයේ වෙරළට ඔබ්බෙන් පිහිටි බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, රතු මුහුද ඒඩන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන අතර, සූවස් ඇළ දෙසට යන නැව්ගත කිරීම සඳහා තීරණාත්මක ස්ථානයක් වී තිබෙනවා.

ටෙහෙරානය සමඟ සම්බන්ධ වී සිටින යේමනයේ හවුතිවරු, ඉරානය සමඟ සහයෝගීතාවයෙන් බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියට පහර දීමට සූදානම් බව මීට පෙර අනතුරු අඟවා තිබුණා.

මේ අතර ඉරානයේ ඉතිහාසයෙන් එක්සත් ජනපදය යම් යම් පාඩම් ඉගෙන ගෙන ඇතත්, එම පාඩම් තවමත් තේරුම් ගෙන නොමැති බවයි මොජ්ටාබා කමේනිගේ උපදේශක වේලායාටි වැඩිදුරටත් පැවසුවේ.

  1. ඉරානයේ ප්‍රතිපත්ති සහ මානව හිමිකම් පිළිබද අනුමත කල නොහැකි ප්‍රශ්න තිබුනත් නින්දිත අන්දමින් හිතුවක්කාර දඩබ්බර විදියට ලෝකයේ රටවල් වලට බලපෑම් කරන්නට ඇමෙරිකාවට ඇති මානසිකත්වයට අභියෝග කරන්නට ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොවන පසුබිමක ඉරාණය මෙසේ ක්‍රියාත්මක වීම ආශ්වාදයක්…. ගරු කටයුත්තක්…. ජයවේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46