AFC Banner
Empty Ad
Empty Ad

අභිරහස් ලෙස මියගිය ඉංජිනේරුවරයා

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියා නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී අද දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙක්.

යාබද නිවසේ පුද්ගලයා ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේල වලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනෙලය විවෘත කරගෙන ඇතුළු වී කාමරය පරීක්ෂාකර අනතුරුව සාලය වෙත පැමිණ බැලීමේදී ඉංජිනේරුවරයාට නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය පවසනවා.

එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව පොලිස් නිලධාරීන්ට එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

ඉංජිනේරුවරයාගේ මරණය ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාමාන්‍ය මරණයක් ද ? යන්න පැති කීපයක් ඔස්සේ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් අප වාර්තාකරු හා පැවසුවා.

ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?