අගවිනිසුරුට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ වෙයි

නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

අදාළ පෙත්සම අසත්‍ය, පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනු කර තිබෙන බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙවැනි පදනම් විරහිත පෙත්සමක් ගොනු කිරීම තුළින් පෙත්සම්කරු අධිකරණය සතු අධිකාරී බලය, මහජන විශ්වාසය හා ගෞරවය අවතක්සේරුවට ලක් කොට අවමානයට ලක් කර ඇති බවයි.

වත්මන් අගවිනිසුරුවරයා නීතිපතිවරයා වශයෙන් සිටියදී නඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණුවලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?