අගවිනිසුරුට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ වෙයි

නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

අදාළ පෙත්සම අසත්‍ය, පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනු කර තිබෙන බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙවැනි පදනම් විරහිත පෙත්සමක් ගොනු කිරීම තුළින් පෙත්සම්කරු අධිකරණය සතු අධිකාරී බලය, මහජන විශ්වාසය හා ගෞරවය අවතක්සේරුවට ලක් කොට අවමානයට ලක් කර ඇති බවයි.

වත්මන් අගවිනිසුරුවරයා නීතිපතිවරයා වශයෙන් සිටියදී නඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණුවලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26