හෝමාගම වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හෝමාගම – මාඹුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට පාතාලයේ සම්බන්ධතාවක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අංශ සැකපළ කරන්නේ මේ වනවිට විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන අතුරුගිරියේ ලඩියා නැමැත්තා මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවයි.

ලඩියාගේ අනුදැනුම මත අතුරුගිරියේ ජෙරම් නැමැත්තෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

හෝමාගම – මාඹුල්ගොඩ රණසිංහ මාවතේ බස් රථයක් තුළ සේවකයන් අටදෙනෙකු රැඳී සිටින අතර තුර ඊයේ (25) රාත්‍රී 8.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එහිදී බස් රථයට සහ අසල තිබූ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදුව තිබුණේ නැහැ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පලාගිය බවටයි අනාවරණ වී ඇත්තේ.

මීට දින තුනකට පමණ පෙර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අතුරුගිරියේ ජෙරම් නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊට අදාළ තොරතුරු පොලිසියට ලබා දී ඇත්තේ වෙඩි තැබීමට ලක්වූ බස් රථයේ හිමිකරු බවයි වාර්තා වන්නේ.

එම සැකය මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?