හෝමාගම වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හෝමාගම – මාඹුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට පාතාලයේ සම්බන්ධතාවක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අංශ සැකපළ කරන්නේ මේ වනවිට විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන අතුරුගිරියේ ලඩියා නැමැත්තා මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවයි.

ලඩියාගේ අනුදැනුම මත අතුරුගිරියේ ජෙරම් නැමැත්තෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

හෝමාගම – මාඹුල්ගොඩ රණසිංහ මාවතේ බස් රථයක් තුළ සේවකයන් අටදෙනෙකු රැඳී සිටින අතර තුර ඊයේ (25) රාත්‍රී 8.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එහිදී බස් රථයට සහ අසල තිබූ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදුව තිබුණේ නැහැ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පලාගිය බවටයි අනාවරණ වී ඇත්තේ.

මීට දින තුනකට පමණ පෙර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අතුරුගිරියේ ජෙරම් නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊට අදාළ තොරතුරු පොලිසියට ලබා දී ඇත්තේ වෙඩි තැබීමට ලක්වූ බස් රථයේ හිමිකරු බවයි වාර්තා වන්නේ.

එම සැකය මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06