හිමිකරුවෙකු නොමැතිව ගුවන්තොටුපොළේ නවතා තිබූ මොටෝරිය රැගෙන යයි

දීර්ඝ කාලයක සිට හිමිකරුවෙකු නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (04) දින දහවල් මෙම මෝටර් රථය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැමිණ ගෙන ගිය බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

SPKM 8179 දරන NISSAN බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය මැයි 29 වැනි දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණා.

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෙලේගේ මායා සුදේශිකා නමැති කාන්තාවකට අයිති බවත්; දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන්පසුවයි අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ රථය දහවල් 12.30 ට පමණ රැගෙන ගොස් ඇත්තේ.

මෙම මෝටර් රථය මාසයකට අධික කාලයක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථගාල තුළ අයිතිකරුවෙකු නොමැතිව නවතා තිබූ අතර මේ පිළිබඳ කටුනායක ගුවන් බලධාරීන් මෙන් ම ගුවන් තොටුපොළ පොලිසිය ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35