හැටන් ඩිපෝවේ මුදල් අයකැමි බස්වල බැටරි උස්සලා

හැටන් ලංගම ඩිපෝවේ මුදල් අයකැමිවරයා ඊයේ (27) පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථයක බැටරි දෙකක් සොරකම් කිරීමේ සිද්ධියකට සැකපිට මෙම මුදල් අයකැමිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු එම ලංගම ඩිපෝවට අයත් කාර්මික දෝෂයකට ලක්ව ගාල්කර තිබූ බස් රථයක රුපියල් එක්ලක්ෂ හතලිස් අටදහසක් පමණ වටිනා බැටරි දෙකක් ගලවා ගිනිගත්හේන ප්‍රදේශයේ කාන්තාවකට අලෙවිකර තිබෙනවා.

සැකකරු විසින් ඔහුගේ මොටර් රථයේ දමාගෙන මෙම බැටරි දෙක ඩිපෝවෙන් පිටතට රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට ලද තොරතුරක් මත සොරකම් කරන ලද බැටරි දෙක ද සැකකරු සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුට බැටරි දෙක සොරකම් කිරීම සදහා අනුබල දුන් එම ඩිපෝවේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි හැටන් පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32