පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ, අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළේ, පනවන ලද කොන්දේසිවලට යටත්ව පෝෂක ගාස්තු හෙට (25) දිනයේ සිට බලාත්මක බවයි.
පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා පෝෂක අය ක්රමය, විදුලි පාරිභොගිකයින් සඳහා පෝෂක අය ක්රමය, බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සඳහා පෝෂක අය ක්රමය ලෙස කාණ්ඩ 03ක් යටතේ නව පෝෂක අය ක්රමය ප්රකාශයට පත් කර තිබෙනවා.













