ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, පසුගියදා පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් රණවිරුවාගේ ගිරිතලේ, සරණසිරිගම පිහිටි නිවස වෙත ගොස් මව්පියන් හමුවී ඔවුන් වෙත සිය ගෞරවය පුදකර සිටියා.
02 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වූ දිවංගත කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල්, 2009 අප්‍රේල් මස 21 දින පුදුමාතලන් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමකදී සිවිල් ජනතාව මුදාගැනීමේ මෙහෙයුමකට සහභාගි වෙමින් මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහු 22 වැනි වියේ පසුවූ අතර, ඔහු විසින් පෙන්වූ අසමසම වීරත්වය හා උදාර පරිත්‍යාගය අගය කරමින් මරණින් පසු ශ්‍රී ලංකාවේ ඉහළම වීර වික්‍රම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් සහ පූර්ණ භූමි පදක්කමෙන් පිදුම් ලැබුවා.
මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිවරයා දිවංගත රණවිරුවාගේ පියා වන එස්.වී.ජී. විජේරත්න සහ මව වන කේ.වී. අමරාවතී මැණිකේ හට මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකළා.













