spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හයිවේ ටිකට් එක හයි ස්පීඩ් වෙයි

අධිවේග මාර්ගයන් හී සේවා ගාස්තු අයකිරීම “LANKA QR” හරහා ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේග මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ සහ දොරටු සඳහා “LANKAQR” හඳුන්වාදීමට යෝජනා වී තිබේ.

රියදුරන්ට සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක “LANKAQR” සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් ඉතාම සුලු කාලයක් ඇතුලත ( තත්පර 8-10ත් අතර කාලයක් තුළ ) අදාළ ගෙවීම සිදුකිරීමට හැකියාව ලැබෙයි.

කොවිඩ් අනතුරු සමයේ සහ ඉදිරියේත් රට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?