හමාස් සංවිධානයේ ගාසා හි ප්‍රධානියා ඇත්තටම මිය ගියා දැයි සැකයක්

හමාස් සංවිධානයේ ගාසා තීරයේ නායකත්වය ගෙන කටයුතු කළ යාහියා සින්වාර් (Yahya Sinwar) අතුරුදන් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි සැක පළ කරන බවටයි.

මෙම අතුරුදන් වූ නායකයා සොයා ඊශ්‍රායලය ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

නායක යාහියා සින්වාර් දිගු කලෙක සිට ප්‍රතිවාදීන්ගෙන් සැඟව සිටි බවටයි පැවසෙන්නේ.

ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ මාධ්‍ය විකාශකයෙකු වන Kan, Haaretz, Maariv සහ Walla වැනි ප්‍රවෘත්ති ආයතන සහ IDF හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ ඊශ්‍රායලය මෑතකදී ගාසා වෙත එල්ල කළ දරුණු ප්‍රහාරවලින් සින්වාර් මිය යෑමේ ඉඩකඩ වැඩි බවයි.

නමුත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට ෂින් බෙට් ඒජන්සිය විශ්වාස කරන බව ද එක් පාර්ශ්වයකින් වාර්තා වනවා.

ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායලයට අනුව, හමාස්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ උමං මාර්ගවල සැඟවී සිටින හමාස් ප්‍රධානියා සටන් විරාම සාකච්ඡාවලට අදාළ පණිවිඩ යැවීම නතර කර ඇති බව ද වාර්තා වනවා.

මේ හේතුවෙන් හෙතෙම මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සැක පළ කරනවා.

මූලාශ්‍ර උපුටා දක්වමින් Haaretz වාර්තා කළේ, සින්වාර් සැඟවී සිටින බවට සිතන ප්‍රදේශවල උමං මාර්ගවලට ඊශ්‍රායලය බෝම්බ හෙලූ නමුත් ඔහුට හානියක් හෝ මරණයක් සිදු වූ බවට නිශ්චිත සාක්ෂියක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12