හජ් වන්දනා සමයේ මරණ ගණන 1,300 පනී

හජ් උත්සවය අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 1,301ක් පමණ මියගොස් ඇති බව සෞදි අරාබිය පවසනවා.

මෙම මරණවලින් වැඩි සංඛ්‍යාවක් අධික උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ මරණ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මියගිය අයගෙන් සමහරක් වයෝවෘද්ධ හෝ නිදන්ගත රෝගාතුර වූවන් බවයි සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ.

සෞදි අරාබියේ සෞඛ්‍ය සේවය ලක්ෂ 05ක පමණ හජ් වන්දනාකරුවන්ට ප්‍රතිකාර කළ බව පවසන එරට සෞඛ්‍ය අමාත්‍ය ෆාඩ් අල්-ජලාජෙල් වැඩිදුරටත් සඳහන් කළේ හජ් වන්දනාවට බලපත්‍රය නොමැති 140,000 කට වැඩි සංඛ්‍යාවක් ඒ අතර සිටින බවයි.

ඇතැම් හජ් වන්දනාකරුවන් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙවර හජ් වන්දනා සමය උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කට වැඩි අගයක පැවති කාලසීමාවක් තුළ පැවතීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

සෞදි අරාබියේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව මක්කම හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8 දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

හජ් යනු ඉස්ලාම් බැතිමතුන් විසින් ශුද්ධ වූ මක්කම වෙත සිදුකරන වාර්ෂික වන්දනා ගමනයි.

මූල්‍යමය හා ශාරීරික වශයෙන් හැකියාව ඇති සියලුම මුස්ලිම්වරුන් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් වන්දනාව සම්පූර්ණ කළ යුතු වනවා.

මෙම වසරේ මිලියන 1.8ක වන්දනාකරුවන් පිරිසක් ඊට සහභාගී වූ බවයි සෞදි අරාබිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31