හක්ගල උද්භිත උද්‍යානය නරඹන්න වාර්තාගත සෙනඟක් (වීඩියෝ)

වසන්ත සමයේ උදාවත් සමඟ මෙවර හක්ගල උද්භිත උද්‍යානය නැරඹිම සඳහා වාර්තාගත සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් උද්‍යානයේ දෛනික ආදායම ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 09ක් පමණ දුරින් හමුවන හක්ගල උද්භිත උද්‍යානය ලංකාවේ දෙවන විශාලතම උද්භිත උද්‍යානය ලෙස සැළකෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි දර්ශනීය උද්භිද උද්‍යානයක් ලෙස හක්ගල හැඳින්විය හැකි අතර, උද්‍යානය අවට දැඩි සංවේදී පරිසර පද්ධතියකින් සමන්විතයි.

1861 දී ඉංග්‍රීසි පාලකයන් විසින් හක්ගල, උද්භිද උද්‍යානයක් බවට පත් කරනු ලැබුවා.

සොබාදහමේ අපූරු දායාදයක් වන හක්ගල රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, නොක් ගිම්හාන නිවාසය, ඉහළ පුෂ්ප උයන, අධ්‍යයන හා ව්‍යාප්තිය, බල්බ උයන, මධ්‍යම පොකුණ හා පැළ විකුණුම්හලෙන් සමන්විත මෙම උද්භිත උද්‍යානය වසර 150කට අධික පෙර ඉදිකළ අපූරු නිරමාණයක්.

මේ නිසාම දෙස් විදෙස් සංචාරකයන් අතර හක්ගල උද්භිත උද්‍යානය ඉතාමත් ප්‍රචලිතයි.

මෙවර වසන්ත සමයේ උදාවත් සමඟ හක්ගල මල්වත්ත විවිධාකාර මල්වලින් සහ ශාකවලින් වර්ණවත් වී ඇති අයුරු දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06