ඉන්දියාවට එරෙහිව පිට පිට සිය දෙවැනි ශතකයත් වාර්තා කර ගැනීමට මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත් වුණා.
ඉන්දියාවට එරෙහිව දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ශතකයක් මෙන්ම, පළමු තරගයේ පළමු සහ දෙවැනි ඉනිම්වලදී ද පිළිවෙලින් ශතකයක් සහ ලකුණු 80 බැඟින් රැස්කර ගැනීමට ඔහුට හැකිවුණා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක ශතක දෙකක් රැස්කළ තුන්වන ශ්රී ලංකික ක්රීඩකයා ලෙස සොනාල් වාර්තා පොත් අතරට එක්වුණා.
මීට පෙර අවස්ථා 03කදී ශ්රී ලංකා ක්රීඩකයින්, තරග දෙකකින් සමන්විත තරගාවලියක දී ශතක දෙක බැඟින් රැස්කරගෙන තිබූ අතර ඒ, මෙතෙක් ශ්රී ලංකාව බිහිකළ සුපිරිම පිතිකරුවන් දෙදෙනා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා සහ කුමාර සංගක්කාර යි.













