22 ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනපති දන්නේ කොහොම ද ? – විපක්ෂ නායක

22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරනවා.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුව නොදැන සිටියත්, ජනාධිපතිවරයා දන්නා බවත් ඔහු තම රැස්වීමක් තුළ මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන බව පැවසූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

මෙලෙස ගෙන එන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 83, 107 යන වගන්ති සමග එකට කියවා බලන විට ජනතා පරමාධිපත්‍යයට බලපෑමක් වෙනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයා මෙය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරන බවට පවසන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

අද (15) දින සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවති බස්නාහිර පළාතේ කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවර සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08