බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් දැලේ

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ප්‍රසන්න සංජීව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන අවසර පත්‍ර නිකුත් කර රජයට රුපියල් 4,160,000ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් නියමිත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව එම අවසර පත්‍ර නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.