INTERPOL නියෝජිතයින් ඇතුළු පිරිසක් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයට

කලාපීය සමුද්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ (INTERPOL) නියෝජිතයින් පිරිසක් ඊයේ (14) සහ අද (15) කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයට පැමිණ සමුද්‍රීය තොරතුරු හුවමාරුව වැඩි දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළා.

සමුද්‍රීය දත්ත සැකසීමේදී ඇති පොදු අභියෝගවලට මුහුණ දීම සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශයන් සංවර්ධනය කිරීම කෙරෙහි දෙදින සංචාරයේ අවධානය යොමු වුණා.

නියෝජිත පිරිසට INTERPOL හි නියෝජිතයින් තිදෙනෙක්, මැඩගස්කරයේ කලාපීය සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ (RMIFC) දෙදෙනෙක්, සීෂෙල්ස් හි කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (RCOC) දෙදෙනෙක් සහ කොළඹ ජාතික මධ්‍යම කාර්යාංශයේ (NCB) සම්බන්ධීකරණ නිලධාරියෙක් ඇතුළත් වුණා.

සහභාගී වන සංවිධානවලට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට, පොදු අභියෝග හඳුනා ගැනීමට සහ තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශයන් පරීක්ෂා කිරීමට මෙම වැඩසටහන වැදගත් වේදිකාවක් සැපයූ බවයි නාවික හමුදාව පවසන්නේ.

සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථාන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම ද සාකච්ඡාවලදී ඉස්මතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27