කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමැතිය හිමිවතිබෙනවා.
ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන අනුගමනය කරමින් යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත්, එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇති බව සඳහන්.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වන වගන්තියට අනුව, ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා සහ එවැනි ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිණිස විධිවිධාන සලසනු ලැබ ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වනවා.
ඒ අනුව, ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට යෝජිත ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ඉදිරි වසර කිහිපයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 112.2 ක සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 15.9 ක ආයෝජනයක් සිදු කිරීමටත්, කොළඹ වරාය නගරය තුළ සංධිස්ථානීය මිශ්‍ර භාවිත දිය අද්දර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ හරහා පුද්ගලයින් 800 කට පමණ රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.













