Empty Ad
Empty Ad
AFC Banner

සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අංක 13, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු (11) සිට 2021.08.20 දක්වා වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සේවයේ නියුතු නිලධාරින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම නිසා එම ගොඩනැගිල්ලෙහි පිහිටි මහජන සබඳතා කවුළු මෙසේ වසා තැබෙන බව සේවක අර්ථසාධක  අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි ඒ් ජි යූ තිලකරත්න මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් සාමාජිකයින්ට හා සේවායෝජකයන්ට සියලු සේවාවන් දුරස්ථව සැලසීමට කටයුතු යොදා තිබෙන අතර වැඩිදුර තොරතුරු සඳහා www.epf.lk වෙත පිවිස දැනගත හැකිය.

ඒ් සම්බන්ධයෙන් වන සියලු විමසීම් සඳහා 0112 206 690-94 දක්වා වන දුරකථන අංක භාවිත කළ හැකි බව ද දන්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?