පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ අද (26) අලුයම සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව පොළොන්නරුව මහ රෝහලේ ප්රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.
වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි සිදුවූ මෙම පිපිරීමෙන් රෝහල් සේවයින් 07 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
මෙම පිපිරීමෙන් ගොඩනැගිලිවලට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පැවසුවේ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අද (26) අලුයම 4.30ට පමණ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය සහ ජාතික වකුගඩු රෝහලේ විශේෂ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













