පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමක් – හතකට තුවාල

පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (26) අලුයම සිදු වූ මෙම පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බව ද වාර්තා වනවා.

තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.