ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබෙනවා.
වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද සැලකෙනනෙ බිනර පුන් පසළොස්වක පොහෝ දිනකයි භික්ෂූණි ශාසනය ආරම්භ වී ඇත්තේ.
ඒ, අනුව මහා ප්රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් බුදු සසුනට එක්වූයේ අද වැනි බිනර පෝය දිනකයි.
එමෙන්ම ශ්රී ලාංකිකයන් හට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු සහ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත්තේ ද මෙම උතුම් පොහෝ දිනයේදී වීම විශේෂත්වයක්.
මේ අතර බිනර පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවල දී ආගමික වතාවත්වල නිරත වනවා.













