2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි.
මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ ‘1911’ යන ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසයි දැනුම් දෙන්නේ.
එමෙන්ම 0112 784208, 0112-784537 හා 0112-785922 යන අංක ඇමතීමටද අවස්ථාව හිමිකර දී තිබෙනවා.













