spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ්ට ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා රැසක්

සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් හට ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ මානසිකව අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් සිව්දෙනෙකුට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එම චෝදනාවන් රසල් බ්‍රෑන්ඩ් විසින් ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සඳහන් වූ තර්ජනාත්මක ලිපි රැසක් ඔහුට රූපවාහිනි නාළිකා සමාගමක් සහ පුවත්පතක් විසින් එවා තිබූ බවයි.

ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන් ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුට එම චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ ඉහළම අවස්ථාවේ සිට වසර 07ක් වැනි කාලයක් තුළ දී රසල් බ්‍රෑන්ඩ් එම අපචාර සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?