සීගිරියේ අර්බුද සෙවීමට විශේෂ සාකච්ඡා

දෙස් – විදෙස් සංචාරකයින් සීගිරිය ප්‍රදේශයේ මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඊට කඩිනම් සහ කාලීන විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන රජයේ අවධානය යොමු ව තිබෙනවා.

අද (03) පෙරවරුවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍යය රුවන් රණසිංහ මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට එක් වෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළු ආයතන කිහිපයක ඉහළ නිළධාරීන් හමු වූ අවස්ථාවේ දියි මේ බව අවධාරණය කළේ.

  1. ප්‍රවේශ පත්‍ර කවුළුවල දිගු පෝලිම්
  2. ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම
  3. වීදි පහන් නොමැති හේතුවෙන් වන සතුන්ගෙන් ඇති වන ආරක්ෂාව පිළිබඳ ගැටලු
  4. ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම
  5. අත්උදව්කරුවන් නිසා සංචාරකයින් අපහසුතාවට පත්වීම
  6. ආරක්ෂක නිලධාරීන් සංචාරකයින්ට දක්වන සුහද බවේ අඩුපාඩු
  7. මාර්ගෝපදේශක සේවාව නියාමනය නොකිරීම හා නිසි පරීක්ෂාවක් සිදු නොකිරීම
  8. ලෝකයේ මිල අධිකම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වුව ද, එම මුදලට යම් අගයක් එකතු කිරීමට කටයුතු කොට නොතිබීම.
  9. නිවාඩු දිනවල දේශීය සංචාරකයින් නිසා ඇතිවන අධික තදබදය හේතුවෙන් සංචාරකයින් අපහසුතාවයට පත්වීම. එබැවින් නියමිත වේලාවට සිය කාලසටහන් ඉටු කර ගැනීමට නොහැකි වීම
  10. කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ගෙන් සීගිරිය නැඟීමට අපහසු අයව රඳවා තැබීමට විවේක ස්ථානයක් නොමැති වීම
  11. සිංහ පාදය අසල ඉදිකොට ඇති අක්‍රමවත් වැසිකිළිය ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව
  12. බඹර ප්‍රහාරයක දී ආරක්ෂාව සදහා නිසි ආරක්ෂක ස්ථානයක් අවශ්‍යව ඇත. දැනට ඇති ස්ථානය ප්‍රමාණවත් නොවේ.
  13. සීගිරිය කෞතුකාගාරය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව
  14. සීගිරිය නරඹන්නට අවශ්‍ය උපදෙස් හා දැන්වීම් පුවරු තේමානුකූලව දර්ශනීය ලෙස සකස් කිරීමේ අවශ්‍යතාව
  15. අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දැනට අක්‍රීයව ඇති පෞරාණික වතුර මල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව නැවත ප්‍රතිසංස්කරණය කිරීම යනාදිය වනු ඇති.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30