සෑම කාන්තාවකටම සුරක්ෂිත භාවය පිළිබඳව විශ්වාසය ඇති රාජ්‍යක් බවට රට පත්කරනවා – ජනපති (වීඩියෝ)

සෑම මවක්, සහෝදරියක් සහ දියණියකටම සුරක්ෂිත භාවය පිළිබඳව විශ්වාසය ඇති රාජ්‍යක් බවට මෙම රට පරිවර්තනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් මෙරට සංවිධානය කර තිබූ ජාතික වැඩසටහනට අද (08) එක්වෙමින්.

කාන්තාවන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙල පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොමැතිනම් නව නීති සම්පාදනය කර හෝ මෙරට දැරියන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි පැවසුවේ.

ඇතැම් සංස්කෘතීවල පවතින යම් යම් සාධක සහ සාම්ප්‍රදායන් විසින් යම් යම් කාන්තා කොටස් පීඩාවට ලක්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, එවැනි සංස්කෘතීන සහ සාම්ප්‍රදායන් තුළින් කාන්තාවන් ලක්කර ඇති පීඩාව නිදහස් කරගැනීමේ නව නීති සම්පාදනය පිළිබඳවත් අවධානය යොමුව ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56