සාම සාධක රාජකාරී වෙනුවෙන් තවත් හමුදා කණ්ඩායමක් ලෙබනනයට (ඡායාරූප)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ 125 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම භට කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු ඇතුළත්.

ඔවුන් අතරින් දෙදෙනෙකු කාන්තා නිලධාරිනියන් වන අතර 08 දෙනෙකු කාන්තා සෙබළියන්.

මීට අමතරව පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා විශේෂ පුහුණුව ලත් ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීනා නැමැති සුනඛයන් සිව් දෙනෙකු ද ලෙබනනයේ අතුරු හමුදා බළකායේ රාජකාරී සදහා පිටත්වී ගොස් තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ මෙම පිරිස ඉතියෝපියානු ගුවන් සේවයේ ET- 8405 දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 02ට ලෙබනනය බලා පිටත්ව ගිය බවයි.

මේ අතර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව ඊයේ දිවයිනට ළඟා වුණා.

එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අධියරේදී දිවයිනට පැමිණි අතර, ඉතිරි කණ්ඩායම අද ලෙබනනය බලා පිටත්ව ගිය 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතවයි.

දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් කිහිප දෙනෙකු ඊයේ පැමිණ සිටියා.

නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක්‌ ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 වසරේ පෙබරවාරි 27 වනදායි ලෙබනනය බලා පිටත්ව ගියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?