සංචාරකයින්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැටෙල් ට්‍රොලි අත්දැකීමක් නුදුරේදීම

අනුරාධපුරය සහ මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි හදුන්වාදීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව ලබන මාසයේ සිට මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනුරාධපුරය සහ මිහින්තලය අතර දුම්රිය මාර්ගයේ සුම්රිය ධාවනය පොසොන් සමයට පමණක් ක්‍රියාත්මකවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා එම මාර්ගය තෝරාගෙන තිබෙනවා.

සංචාරකයින්ගෙන් ගාස්තුවක් අයකර ගනිමින් මෙම පැටෙල් ට්‍රොලි අත්දැකීම ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ද හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?