ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් – ප්‍රතිඵල දින 40ක් තුළ

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) දහවල් සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද පැවති විභාගයේ දී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටළුවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

එමෙන්ම විභාගය පැවැත් වූ කාලසීමාව තුළ ගැටලුකාරී සිද්ධීන් කිසිවක් විභාග මෙහෙයුම් කාර්යාලය වෙත ලැබී නොමැති බව ද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී විභාගය පැවැත් වුණා.

එමෙන්ම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ද විශේෂ විභග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
19
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40