Empty Ad
AFC Banner
Empty Ad

ශිෂ්‍යත්වය සමත්වීම පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් – වැඩිම ලකුණ 188 (වීඩියෝ)

ඊයේ (23) දිනයේ ප්‍රතිඵල නිකුත් වූ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 18 දෙනෙක් ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (24) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුක දී කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැඩි ලකුණු ලාභියා ලකුණු 188ක් ලබාගෙන ඇති බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු දින 23ක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වූ බවත්, ඉතාම කෙටි කාලයකින් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් හැකි වූ වසර මෙය බව ද ඔහු පැවසුවා.

එමෙන්ම වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් සහ 07 දෙනෙක් ගැහැණු දරුවන් බව ද ඔහු සඳහන් කළා.

2024 ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 16.05%ක් වනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙය වැඩිවීමක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

මේ අතර ප්‍රතිපත්තිමය තීරණයක් මත වැඩිම ලකුණු ලබාගත් දරුවන් පිළිබදව අනාවරණය නොකරන බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දේශබන්දු මගේ ගෙදර නෑ - මම ඒ වගේ බාල වැඩ කරන්නේ නෑ
04:43
Video thumbnail
BREAKING NEWS 🔴
01:20
Video thumbnail
BREAKING NEWS 🔴එකම ප්‍රදේශයේ තැන් දෙකක මළ සිරුරු දෙකක් - සීතල බදුල්ල උණුසුම් වෙයි
01:18
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
01:21:00
Video thumbnail
පොහොට්ටුවේ ලොක්කෝ මාලිමාව හාන්සි කරවයි - දනිව් සුවහසක් යළි නැඟිටින බව මතක තියාගන්න
14:34
Video thumbnail
හෝමාගම බලයත් අල්ලන්න මාලිමාව සුදානම් - මාලිමා මන්ත්‍රී රිදෙන කතාවක් කරයි
04:31
Video thumbnail
මහර රැඳවියෝ මොහොතකට සිත් නිවාගත් කාව්‍යමය ධර්ම දේශනාව
06:13
Video thumbnail
ආගම් හතරම විකුණමින් කරන මංකොල්ලයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:54
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අදාල සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
04:46
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40

?