සද්දන්තයෙකුට කෑම කැවූ තරුණයෙකුට අලි ප්‍රහාරයක්

හැටන් – කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක ඊයේ (12) දින පැවති පෙරහැරට රැගෙන ආ
අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හින්දු කෝවිලේ පෙරහැර අවසන් වී අලියා විවේක ගැනීම සඳහා කෝවිලේ පසක ගැට ගසා තිබිය දී තරුණයෙකු අලියාට කෑම දී ඇති බවයි.

කෑම දෙන අතරමග දී එම තරුණයා විසින් අලියාගේ හිස පෙදෙස සිය අතින් ස්පර්ශ කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී අලියා සිය හොඬවැලෙන් දරුණු පහරක් තරුණයාගේ පපු කොටසට එල්ල කර ඇති බවයි දැක්වෙන්නේ.

අලියාගේ පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

නමුත් ඔහුගේ තත්ත්වය මේ වනවිට යථා තත්ත්වයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහරකෑමට ලක් වූ තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57