ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී කඩුලු 9ක් දැවී ලකුණු 308ක් රැස්කර ගනු ලැබුවා.

පසුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 626ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 06 වැනි කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟුණු ඉහළම සබඳතාවය වන ලකුණු 401ක සබඳතාවය පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අමීර් ජැංගු සහ නායක රොස්ටන් චේස් සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට වඩා ලකුණු 318කින් සිය දෙවැනි ඉනිම් ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 101ක් පමණයි.

ඒ අනුව තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59