මාලිමාව දැන් ජනතාව දෛනිකව රවට්ටනවා – විපක්ෂ නායකවරයා කියයි

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට විවිධ පාර්ශව දෝෂාරෝපණයට ලක් කරන බවත් අවැසි නම් මුදල් උපයෝගී කරගෙන පක්ෂයේ සහ තමාගේ ප්‍රතිරූප ගොඩනගා ගැනීම මෙන්ම සමාජ මාධ්‍ය හරහා බොරු ස්ථාපිත කිරීමට හැකියාව තිබුණත් එවැනි දෑ නොකර සැබවින්ම ජනතාවට සේවයක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දිට්වා ආපදා සමයේ විපතට පත් ජනතාව විවිධ දෑ ලබාදෙන බවට පැවසුව ද ඒ කිසිවක් සිදු නොකර දුකට පත් ජනතාව සමඟ සමාජ මාධ්‍ය තුළ ඡායාරූප සහ විඩියෝ පළ කිරීමට රජයේ පාර්ශ්වය කටයුතු කළ අතර අදටත් දිට්වා නිසා අසරණ වූ ජනතාව තවත් අසරණ වී ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

අදටත් වගා හානි දේපල හානි ජීවිත හානි විකල්ප ඉඩම් හා නිවාසවලට උත්තර නොමැති බවට පෙන්වා දෙන විපක්ෂ නායකවරයා මේ වනවිට සෑම දිනකම ජනතාව ජාතික ජන බලවේගයට රැවටෙමින් සිටින බවත් ඔහු සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (25) හොරොව්පතාන, වගොල්ලාගොඩ, බෝධිරුක්ඛාරාම මහා විහාරයේ සුවිසල් ධර්ම ශාලාව ගොඩනැගීම වෙනුවෙන් මුල් ගල් තැබීමේ අවස්ථාව හා එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49