වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂිත සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ දී ලබන 31 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
බොරුල්ල ජාතික ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර සඳහන් කළේ, ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන රෝගීන්ට බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව උදා වන බවයි.
ඩෙංගු රෝගය සදහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් නියමකරන ඖෂධ හැර කිසිදු කිසිදු අත් බෙහෙතක් ඩෙංගු රෝගීන් භාවිතා නොකළ යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න අවධාරණය කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













