අධිකරණය විසින් අනුමත කරන ලද එක්සත් රාජධානියේ සංචාරයකින් පසු තම කුඩා පුතුන් දෙදෙනා තම ඇමරිකානු පියාට භාර දීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය කාන්තාවක් පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍යවල අවදානය යොමුව තිබෙනවා.
ද ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව, 34 හැවිරිදි නිෂිකා සමරතුංග, ඇගේ පුතුන් දෙදෙනා වන පස් හැවිරිදි බ්ලේන් සහ තුන් හැවිරිදි නතානියෙල් සමඟ මාර්තු 29 වන දින සිට අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
කොලරාඩෝ අධිකරණ නියෝගයකට අනුව නිෂිකා සමරතුංග, දරුවන්ගේ පියා වන බෙන් බේයර් වෙත ඔවුන් යළි භාර දීමට අපොහොසත් වූ බව සඳහන්.
දරුවන් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ලන්ඩන් මහාධිකරණයේ දරුවන්ගේ පිය විසින් නඩු කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිමි දරුවන් දෙදෙනාම ඔටිසම් රෝගයෙන් පෙළෙන බවත් නිතිපතා පාසල් අධ්‍යාපනය හෝ වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවත් පවසමින් පියා විසින් ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ කනස්සල්ල මතු කරමින් මෙම නඩුව ගොනුකර ඇති බව සඳහන්.
දරුවන් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා නඩුවේ විස්තර ප්‍රකාශයට පත් කිරීමට ලන්ඩන් මහාධිකරණය අවසර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.
නිෂිකා සමරතුංග සහ පිරිමි ළමයින් සොයා ගැනීමේ උත්සාහයන්හි කොටසක් ලෙස එක්සත් රාජධානියේ සංවිධාන කිහිපයකට ද නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
නිෂිකා විසින් මීට පෙර දරුවන් දෙදෙනා ලන්ඩනයට යෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කොලරාඩෝ අධිකරණයක් මගින් දරුවන්ගේ ප්‍රාථමික භාරකාරත්වය මෙම දරු දෙදෙනාගේ පියාට පවරා තිබු බව සඳහන්.
මෙම සිද්ධියත් සමඟ එක්සත් ජනපද අධිකරණයක් විසින්, ළමයින්ට ආසන්න අනතුරක් සිදුවිය හැකි බවට ඇති බිය නිසා, දරුවන්ගේ භාරකාරත්වය භාරගැනීමටබ්‍රිතාන්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවසර දී තිබෙනවා.
නඩුව එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ අධිකරණ ඉදිරියේ පවතිනවා.













