ශ්‍රී ලංකාව හමුවේ සිදු වූ පරාජයෙන් කිවි නායකයා නායකත්වයට සමුදෙයි

නවසීලන්තයේ ටෙස්ට් ක්‍රිකට් නායකයා වශයෙන් කටයුතු කළ වේග පන්දු ක්‍රීඩක ටිම් සවුති සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එරට ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ; පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ලද පරාජයත් සමග සවුති මෙම තීරණයට එළඹ ඇති බවයි.

එබැවින් ඉදිරියේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තයේ නායකත්වයට ටොම් ලැතම් පත් කෙරෙනු ඇති බවටත් වාර්තා වනවා.

කණ්ඩායමේ ජයග්‍රහණය සහ ඉදිරි අනාගතයේ යහපත තකා තමන් මෙම තීරණය ගෙන ඇති බවයි ටිම් සවුති නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කළ ලිපියෙහි ඇත්තේ.

2022 වර්ෂයේ දී කේන් විලියම්සන් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ටිම් සවුති නායකත්වයට පත් වූ අතර ඔහු විසින් ටෙස්ට් තරග 14කට සිය නායකත්වය සපයා තිබෙනවා.

එහිදී ජයග්‍රහණ 06ක්, තරග 02ක් ජය පරාජයෙන් තොරවීම ද දැකිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42